Gossips

ඇරැව්වල දී කොල්ල කෑ කෝටි 500 දියමන්තිය කෙසෙල්වත්තෙන් හමුවෙයි

පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගන්නා ලද කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් පැහැර ගන්නා ලද දියමන්තිය බවට අනාවරණ වී තිබෙනවා.
පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද වැටලීමකට අනුව අදාළ දියමන්තිය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු කැළුම් ඉන්දික හෙවත් කැලූමා නමින් හඳුන්වන අතර, ඔහු සතුව තිබී මුදලින් රුපියල් කෝටි එක හමාරක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සැළසුමකට අනුවයි මෙම දියමන්ති කොල්ලය මෙහෙයවා තිබුණේ.