සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ඩබන් හිදී මේ වනවිටත් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 44 ක් ඉදිරියෙන් සිය දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 259ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීමට හිමිව ඇති ඉලක්කය ලකුණු 304ක්.
දකුණු අප්‍රිකානු දෙවන ඉනිම වෙනුවෙන් ෆෆ් ඩුප්ලසීස් සහ නායක කුවින්ටන් ඩී කොක් සිය ඉනිම ශක්තිමත් කළේ පිළිවෙලින් ලකුණු 90ක් සහ 55ක් රැස් කරමින්
පන්දු යැවීමේදී සිය මංගල ජාත්‍යන්තර තරඟයට ක්‍රීඩා කරන දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දුවාර 26ක් යවා ලකුණු 66කට කඩුලු 05ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු දෙවන ඉනිම අඩපණ කළා.
අනෙක් අන්තයෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ විශ්ව ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු කඩුලු 04ක් බිඳ දැමුවේ ලකුණු 71ක් ලබා දෙමින්.
දකුණු අප්‍රිකානු අවසන් කඩුලු 05 ලකුණු 08ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම විශේෂත්වයක්.
තරඟයේ තුන්වන දිනය අදයි.