හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව රණාල සහ ඇඹුල්ගම ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මොවුන් වයස අවුරුදු 21 ත් 36 ත් අතර පසුවන්නන් බවයි වාර්තාවන්නේ.
මෙම පුද්ගලයා සිය අවන්හල තුළදීම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ පසුගිය මස 28 වනදායි.