Gossips

ඇඹිලිපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකය තාවකාලිකව වැසේ

ඇඹිලිපිටිය මහරෝහලේ හදිසි අනතුරු ඒකකයේ අද හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
එහි විදුලි පද්ධතියේ හට ගත් මෙම ගින්නෙන් ප්‍රධාන විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සදහන්.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.
කෙසේ වෙතත්, මේ වන විට ඇඹිලිපිටිය මහරෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා ඇති බවයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය නේපුල් ධර්මරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.