ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ සුළු සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ රෝහලේ සුළු සේවක හිඟය විසඳීමට බලධාරීන් මෙතෙක් ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින්.
මේ හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි සබරගමුව පළාත් නිදහස් සුව සේවා සංගමයේ ලේකම් අජිත් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
