Gossips

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පහර දීමකින් රෝහලේ

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් ශාන්තට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
මොහු ඇඹිලිපිටිය – කුඹුගොඩආර ප්‍රදේශයේ සිට තම නිවස බලා පයින් ගමන් කරමින් සිටියදී ඊයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පෞද්ගලික ආරවුලක් පහරදීමට හේතු වී ඇති අතර සිද්ධියට සම්බන්ධ 28 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.