Gossips

ඇඹිලිපිටිය, පදලංගලට තද සුළං – ගස් කඩා වැටී අඩි 100 මාර්ගය අවහිරයි

ඇඹිලිපිටිය – පදලංගල ප්‍රදේශයට අද (23) පස්වරුවේ දැඩි සුළං තත්ත්වයක් ඇතිව තිබෙනවා.
මේ නිසා අඩි 100යේ පාර මාර්ගයට ගස් විශාල සංඛ්‍යාවක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ගස් කඩා වැටීම නිසා අඩි 100 මාර්ගයේ ගමන් කළ බස් රථයකට ද හානි සිදුව තිබෙනවා.