Gossips

ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අඛන්ඩ වර්ජනයක

සේවක හිඟයට විසඳුම් ඉල්ලා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වනවිට අඛන්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ සභාපති ගාමිණී සුවඳරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කණිෂ්ඨ සේවකයන් 352 කු රෝහල තුළ සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 219 දෙනෙකු පමණක් බවයි.
කෙසේ වෙතත් මෙම සේවක හිඟයට විසඳුම් ලබා නොදීම හේතුවෙන් අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.