ඇඹිලිපිටිය – වරාකැටිආර වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා.
ඊයේ (24) පස්වරුවේ එම වැවේ දිය නාමින් සිටි පිරිසක් අතරින් ළමයෙකු දියේ ගිලෙමින් සිටියදී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයා මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වලස්මුල්ල – රන්මලකන්ද ප්‍රදේශයේ පදිංචි ඔහු 33 හැවිරිදි පුද්ගලයෙක්.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙන අතර ඊට නාවික හමුදාව ද එක්ව සිටිනවා.
