Gossips

ඇඹිලිපිටියේ පාසලක් නොසන්සුන්තාවක් නිසා වසා දැමේ

ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේ පාසලක ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් අද දහවල් නියමිත වේලාවට පෙර එම පාසල වසා දැමීමට ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගත්තා.
පාසලේ හිටපු විදුහල්පතිනිය, නව විදුහල්පතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් සමඟ ඔහු පාසලෙන් ඉවත්ව යාමට උත්සාහ කර ඇති අතර, එය වළක්වමිනුයි සිසුන් මෙලෙස නොසන්සුන්කාරි ලෙස කටයුතු කර ඇත්තේ.
එම අවස්ථාවේදී හිටපු විදුහල්පතිනියට සහය පළ කරන පිරිසක් සහ ඇයට විරෝධය පළ කරන පිරිසක් මෙන්ම පාසලේ සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් අතර කලහකාරි තත්ත්වයක් මතුවුණා.
මේ අතර ඇඹිලිපිටිය කලාප අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන්නේ අධිකරණය නියෝගය ලැඛෙනතුරු හිටපු විදුහල්පතිවරියම ඉදිරියේදී පාසලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරනු ඇති බවයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී හිටපු විදුහල්පතිනියට පක්ෂව සහ විපක්ෂව සිසුන් සහ දෙමාපියන් විරෝධතාවල නිරතව තිබෙනවා.