Breaking Politics

ඇමෙරිකාවෙන් ගැලවුණු ගෝඨා, යළි ඇමෙරිකන් කල මාධ්‍ය මෙහෙයුම

ගෝඨාගේ දේශීය සළුපිලි, ගෝඨාගේ මාධ්‍ය පිරිවර විසින් ඔලුවෙන් ගලවා, නැවතත් ඇමෙරිකානු යට ඇඳුමක් අන්දවා තිබේ.. මේ පිළිබඳව ජනපති කාර්‍යාලය පුරා සහ කෝට්ටේ සමාජ මාධ්‍ය ජාල කාර්‍යාලයේ මේ දිනවල අමුතු පහේ ආතල් කතා ඇසෙනු ලැබේ..

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක විසින් සිය දෙවන සබන් ගා ස්නානය කලේ පසුගිය දිනක බැව් ඔබට මතක් කල යුතු නැත. කෙසේ වුවත් මෙවර ගෝඨා ඔවුන්ගේ ගැටයට අසු වූයේ නැත. ඔවුන්ගේ නාන කාමරේ ඔවුන්ටම විවෘත කරන්න දී, ගෝඨා පැත්ත පළාතකවත් ආවේ නැත. නිකමට හරි වැදගත් යැයි සම්මත පුද්ගලයෙකු ලෙස සහභාගී වූයේ ලලිත් වීරතුංග පමණි.

මොකක්ද මේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඇත්ත යටි කථාව..

1. සුදේව සහ කිංස්ලි ස්නානය කල පළමු අවස්ථාව අනුරාධපුරයේ ජාතිය අමතනවා කියා ජනපතිව හෝටලයක් තුල කතාව කරවා බැක්ග්‍රවුන්ඩ් වෙනස් කිරීමය.. ඒ තුල වෙච්ච අමු ගොං පාට් එක ගෝඨා වෙනුවෙන් පෙනී සිටි සියළු බයි ප්‍රජාවගේ අමුඩය ඉහින් කනින් දෙපැරෙන්දෙන් ගැලවීමට සමත්විය. මේ නාපු නෑම නෑවේ නෑ කියා පෙන්වීමටත්, එම දිය පහරින් ගෝඨාව තෙමීම වළක්වන්නටත් මිලියන ගණනින් සල්ලි පොම්ප කිරීමෙන් වලක්වා ගත්තේ නිශ්ශංක සේනාධිපතිය.

2. දෙවෙනි වරට සුදේව සහ කිංස්ලි නිකම් නෑවා පමණක් නොව නා ගන්නට නාන කාමරයක්ම හැදුවේය. උත්සවශ්‍රීයෙන් ටැප් එක ඇරියේ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් ය. නාන කාමරේ හදපු ප්‍රීතියෙන් සිටි කිංස්ලි රත්නායක භාරතගේ ටැප් එකට ඔලුව අල්ලා නෑවේය. ඒ සමඟම නැවත ඇට නව ලස්සෙ බයි ප්‍රජාවද සබන් නැතුවම නෑව්වේය. අවසානයේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය ඩමියක් කරපු කිංස්ලි, ගොඨාවද ඩමියක් තත්ත්වයටම ඇද දැම්මේය. අපද කිංස්ලි ගෙන් අහන්නේ ප්‍රතිවාදීන්ව අන්දන්නට ජනපති මාධ්‍ය අංශය ඩමි හදන්නේ සුදේව සහ කිංස්ලි ගෙදරින් ගෙනා සල්ලි වලින්ද කියාය..

3. මේ මාධ්‍ය කේන්ද්‍ර ඩමියෙන් සුදේව හා කිංස්ලි සමස්ත ඇට නව ලස්ස බයියෝ කෑම පිණිස ගුලෙන් එන මීයෝ බවට පත් කරන ලදී.. එහි තේරුම වෙන කිසිවක් නොවේ.. දැන් සුදේව හා කිංස්ලි ජනපති මාධ්‍ය අංශයෙන් එලියට එවන පිංතූර ඩමියක්ද ඇත්තක්ද ලෙස දෙපසට ඔලුව වන වනා බලා සිටීමට ඇට නව ලස්සයේ බයි ප්‍රජාවට සිදුව ඇත. ප්‍රවෘත්තිය දෙස බලා භාරතගේ හෝ සුදේව කිංස්ලි පිළිතුරු දෙන වෙනත් විරුද්ධවාදියෙකුගේ ෆේස්බුක් පිටුවකට ගොස් එම ප්‍රවෘත්තිය ඩමියක්ද ඇත්තක්ද ලෙස බලා සැනහීමට බයි ජනයාට සිදුවීම දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් ගාණය.

4. සුදේව සහ කිංස්ලි මෙම නාන කාමරයේ අභිනව ස්නානයෙන් පසුව තුවාය ලබා දී තිබෙන්නේ ගෝඨාගේ නව මාධ්‍ය අංශයට සහ සෙනාධිපතිගේ ඇතුල් කෝට්ටේ පිහිටි ඩිජිටල් මීඩියා ඒකකයටය. “පෝස්ට් ගහලා අපිව බේරපන්” යන විධානය මේ අලුත් ලොක්කන්ගෙන් ඔවුන්ට ලැබී ඇත. එයින් කණගාටුවට පත් ඇතුල් කෝට්ටේ සගයෙක්, නව මාධ්‍ය අංශයේ කාන්තාවකට දුරකථන ඇමතුමක් දී අපූරු කතාවක් පවසා ඇත.

“මුන් දෙන්නා HE ව ගොඩ දාන්න ඇවිත්, මුන් දෙන්නාව ගොඩ දාන්න කියලා අපට කියනවා.. ඉතින් මුන් දෙන්නා මොකටද ඇවිත් ඉන්නේ” ලෙසටයි..

4. මේ සියල්ලටම වඩා බරපතලම කාරණය සහ විසුලු සහගතම කාරණය අප ඔබ වෙත ඉදිරිපත් කරමු. ගෝඨා ජනපතිවරණයට එන කුසු කුසුව කරළියට පැමිණි දා සිට ඊට ප්‍රතිවිරුද්ධ කඳවුරේ සිටින අපද නැගූ ඡෝදනා දෙකකි.

i. ගෝඨා ද්විත්ව පුරවැසි භාවයක් සහිත පුද්ගලයෙකි.

ii. ගෝඨා ඇමෙරිකානු වැසියෙකි.

බයි ප්‍රජාව ගෝඨා රටට ආදරය කරන මිනිසෙක් යැයි කීවේය. දේශීයත්වය අගය කරන බව කීවේය. ගෝඨා ඇමෙරිකානු පුරවැසිභාවය අයින් කරගත් බව කීවේය. සිංහල බෞද්ධ නායකයෙක් බව කීවේය. රටේ සංස්කෘතිය ආරක්ෂා කරන බව කීවේය. ජාතික සම්පත් ආරක්ෂා කරන බව කීවේය.

ගෝඨාද තම මැතිවරණ වේදිකාවෙදීත්, තම දිවුරුම් දීමේ උත්සවයේදීත් එයම කීවේය. එපමණක් නොව තමන් පත්වූයේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රධාන කොටගත් දේශිය බලවේගයක් තුලින් බවද ගෝඨා කීවේය.

මේ සියළු කතා පුස්සක් කරවමින්, සුදේව සහ කිංස්ලි විසින් ගෝඨාව නැවතත් ඇමෙරිකානු ඩමියක් අස්සට තල්ලු කර අවසන් කලේය.

අනුරාධපුරයේයැයි කියූ පළමු ස්නානයෙන් පසුව මෙන්ම මෙම ඇමෙරිකන් ඩමියෙන් ආ ජලස්කන්ධයෙන් ගෝඨාව තෙමෙන එජ මෙවරත් බේරුවේ නිශ්ශංක සේනාධිපතිය. මිලියන ගණනින් ඒ වෙනුවෙන් සල්ලි පොම්ප කල සේනාධිපති, ඒ තුලින් මුහුදු ආරක්ෂණ සේවාව යලි තමන් අතට ගන්නට සමත් වූයේය.

අපි අසන්නේ ප්‍රශ්ණ දෙකකි.

i. ඇමෙරිකානු ඩමිය සහිත ගෝඨාගේ මාධ්‍ය මධ්‍යස්ථානය නිර්මාණය කලේ සේනාධිපතිගේ මුහුදු ආරක්ෂණ ව්‍යාපාරය නැවත අතට ගන්නටද?

ii. ජනපති මාධ්‍ය කේන්ද්‍රයක් පිහිටවීමත්, එය අසාර්ථක වැඩක් බව සමාජ ගත කිරීමත්, එම අසාර්ථක බව නිශ්ශංකගේ මිලියන ගණනක් වූ මුදල් මත යටපත් කිරීමත්, නිශ්ශංකගේ සියළු නඩු කටයුතු විසි කර දැමීමත්, මුහුදු ආරක්ෂණ කටයුතු නැවත ඇවන්ගාඩ් වෙත ලබා දීමත්,  එක සතියක් ඇතුලත සිදු වූයේ දෛවයේ හාස්කමකින්ද?

නිශ්ශංක සේනාධිපතිත්, සුදේව හෙට්ටිආරච්චිත්, කිංස්ලි රත්නායකත් සිය කුමණ්ත්‍රණකාරී ක්‍රියාවන් තුලින් 2025දී ගෝඨාව ගෙදර යවනු ඇත. අප කැප විය යුත්තේ නිසි පරිදි රට ගොඩ නගන නව දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීම උදෙසා පමණි.