Gossips

ඇමරිකා – බ්‍රිතාන්‍ය වෙළඳ ගණුදෙනු ගැන ට්‍රම්ප් කථා කරයි

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ බ්‍රික්සිට් ගිවිසුම හරහා ඇමරිකානු – බ්‍රිතාන්‍ය වෙළඳ ගණුදෙනුවලට බලපෑමක් එල්ල වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමරිකාව යුරෝපා සංගමයත් සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් අනුව මේ වනවිට බ්‍රිතාන්‍යය සමඟ ගණුදෙනු කරන බැවින් ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව වෙළඳාම සඳහා නව ගිවිසුම් ඇතිකර ගැනීමට සිදුවනු ඇති බව ඔහුගේ අදහසයි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කර ඇත්තේ නව වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට බ්‍රිතාන්‍ය සූදානම් බවයි.