ඇමරිකාව සහ උතුරු කොරියාව අතර සබඳතා යළි පළුදු වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාද මේ වනවිට අවලංගු කර ඇති බවයි.
උතුරු කොරියානු රජයේ නියෝජිතයින් පිරිසක් මේ සතිය තුළදී සාකච්ඡාවක් සඳහා ඇමරිකාවට යාමට නියමිතව තිබුණා.
උතුරු කොරියාව පවසා ඇත්තේ පනවා ඇති සම්බාධක ඉවත්කරන තුරු ඇමරිකාව සමඟ සාකච්ඡාවලට සූදානම් නොමැති බවයි.