ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව සඳහා ඔවුන් දෙදෙනා තවත් සුළු වේලාවකින් සිංගප්පූරුවට ළඟාවීමට නියමිතයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවේ පැවති ජී හත සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව සිංගප්පූරුවට පැමිණෙන අතර, ඔහු හෙට (11) දිනයේ එරට අගමැති ලී සෙං ලූන්ග් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
සිංගප්පූරුවේ පිහිටි ෂැංග්‍රිලා හෝටලයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා අනිද්දා පැවැත්වෙනු ඇති.
