Gossips

ඇමරිකාව සහ යුරෝපය අතර වෙළඳ යුද්ධයක්

යුරෝපා සංගමය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන ලද වානේ සහ ඇලූමිනියම් සදහා ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා ඇති විශාල බදු අද සිට ක්‍රියාත්මක වීමත් සමග නව වෙළද යුද්ධයක් පැන නැගී තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර ඇත්තේ එම බදු නීතිවිරෝධී බවයි.
යුරෝපා සංගමය ඊට නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව ඔහු සදහන් කර තිබෙනවා.
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කියා සිටියේ ට්‍රම්ප් පරිපාලනය පැනවූ බදු සිය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
ඇමරිකාවට ආනයනය කරන වානේ සදහා සියයට 25 ක බද්දක් සහ ඇලූමිනියම් සඳහා සියයට 10 ක බද්දක් අද සිට ක්‍රියාත්මක කිරීමටයි ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබුණේ.