Gossips

ඇමරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක්

ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් ඇමරිකාව සහ චීනය අතර මේ වනවිට ආර්ථික යුද්ධයක් ඇතිවීමේ පෙරනිමිති පහල වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඇමරිකාව විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ 6,000ක් සඳහා බදු පැනවීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරනු ලබන ඇමරිකානු ඩොලර් බිලියන 200ක බද්දක් පනවා තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ලෝක බලවතුන් දෙදෙනෙකු වන ඇමරිකාව සහ චීනය අතර ඉදිරියේදී ආර්ථික යුද්ධයක් ඇති වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.