Gossips

ඇමරිකාව සහ උතුරු කොරියාව යළි සාකච්ඡාවකට සැරසේ

න්‍යෂ්ටික අවි තුරන් කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සමඟ යළි සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඇමරිකාව පවසනවා.
එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කර ඇත්තේ 2021 ට පෙර උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි තුරන් කිරීම ඉලක්ක කරගෙන මෙම සාකච්ඡා සිදුකරන බවයි.
මීට අදාළව මේ වසර මුලදී ඇමරිකාව, උතුරු කොරියාව සමඟ සාකච්ඡා ආරම්භ කළත් පසුව මෙම සාකච්ඡා අඩාල වුණා.
මේ අතර උතුරු කොරියාවේ ක්‍රියාත්මක ප්‍රධාන මිසයිල දියත් කරන මධ්‍යස්ථානයක් වසා දැමීමට නායක කිම්ජොං අන් මීට පෙර එකඟතාවය පළ කර තිබුණා.
පසුගියදා උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයින් හමුවූ අවස්ථාවේදීද න්‍යෂ්ටික අත්හදාබැලීම් නතර කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවුණා.
ඒ අනුව මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරියේදී න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.