Gossips

ඇමරිකාව සමඟ වෙළඳ යුද්ධයකට ඉඩක් නැහැ -චීන උප අගමැති කියයි

චීනය සහ ඇමරිකාව අතර වෙළඳ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබන බව චීන උප අගමැති ලියු-හි පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ වොෂින්ටන් නුවර දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
චීනයේ නිෂ්පාදිත භාණ්ඩවලට ඇමරිකාව විසින් බදු පැනවීමේ තීරණය අවලංගු කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලික එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.