Gossips

ඇමරිකාව සමඟ පසමිතුරුකම් දුරු කිරීම අරමුණ බව චීනය කියයි

උදාවූ 2019 වසර තුළ ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ ගැටුම අවසන් කිරීම තම රටේ අරමුණ බව තම රටේ අරමුණ බව චීන වානිජ කටයුතු අමාත්‍ය ෂොං ෂාන්ග් ප්‍රකාශ කළා.
ඒ, චීනයේ සංචාරය කළ ඇමරිකානු වෙළඳ දූත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඇමරිකානු නියෝජිත පිරිස පසුගිය බදාදා සිය තුන්දින සංචාරය නිමා කළ අතර, එය ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පසුගිය දෙසැම්බරයේ පැවති සාකච්ඡාවෙන් පසු දෙරට අතර ඇතිවූ ඉහළ පෙළේ හමුවයි.