Gossips

ඇමරිකාව වෙනිසියුලාව සමඟ ආර්ථික සබඳතා නවතා දැමීමේ තීරණයක

වෙනිසියුලාව සමඟ ආර්ථික සබඳතා නවතා දමා එරට ජනාධිපති නිකලස් මදුරෝගේ ආදායම් මාර්ග ද දුර්වල කිරීමට ඇමරිකාව සූදානම් වනවා.
එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාවේ සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලූදෙනාට පැය 72 ක් ඇතුළත රටින් පිටවන ලෙස කළ දැනුම්දීමට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගන්නා බවයි.
වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟයි ජනාධිපති මදුරෝ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රටින් පිටවන ලෙස දැනුම් දුන්නේ.