Gossips

ඇමරිකාව, වෙනිසියුලාවට අනතුරු අඟවයි

සිය රට රාජ්‍ය තාන්ත්‍රිකයින්ට හෝ විරුද්ධ පක්ෂ නායක ජුආන් ග්වයිඩෝට එරෙහිව කරන ඕනෑම තර්ජනයකට සැළකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවනු ඇතැයි ඇමරිකාව, වෙනිසියුලාවට අනතුරු අඟවා තිබෙනවා.
ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ප්‍රකාශ කළේ මෙවැනි බියගැන්වීම්, නීතියේ ආධිපත්‍යයට බරපතල පහරක් බවයි.
වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුආන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළ අතර, අනතුරුව ජනාධිපති මදුරෝ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට දැනුම් දුන්නේ රටින් පිටවන ලෙසටයි.