Gossips

ඇමරිකාව, රුසියාවෙන් අභ්‍යවකාශ ප්‍රවේශපත් මිලදී ගැනීමට සැරසේ

අභ්‍යවකාශ ෂටල වැඩසටහන විශ්‍රාම ගැන්වීමෙන් පසු නව අභ්‍යවකාශ යානයක් සංවර්ධනය කිරීම පමාවීම හේතුවෙන් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය වෙත යාම සඳහා අතිරේක අසුන් දෙකක් රුසියානු සෝයුස් යානයකින් මිලදී ගැනීමට ඇමරිකාව සැරසෙනවා.
ඇමරිකාවේ නව අභ්‍යවකාශ යානය සංවර්ධනය කරනු ලබන්නේ එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සහ බෝයිං සමාගමයි.
ඔවුන්ගේ නව අභ්‍යවකාශ යානය මෙතෙක් උඩු ගුවනට මගීන් ගෙනයාම දක්වා සංවර්ධනය කර නැහැ.
මේ නිසා මේ වසරේදී සහ 2020 වසරේදී රුසියානු සෝයුස් යානයකින් එක් අසුනක් ඩොලර් මිලියන 80 බැගින් මිලදී ගැනීමට නාසා ආයතනය සැළසුම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.