Gossips

ඇමරිකාව, රුසියානු න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන්, ඉවත් වෙයි

න්‍යෂ්ටික මිසයිල පිටුදැකීම සඳහා රුසියාව සමඟ ඇති කර ගත් ඓතිහාසික ගිවිසුමෙන් ඉවත් වන බව ඇමරිකා එක්සත් ජනපදය ඊයේ නිවේදනය කළා.
ජනපති ට්‍රම්ප්ගේ එම තීරණය නිවේදනය කරමින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ රුසියාව එම ගිවිසුම උල්ලංගණය කර ඇති බවයි.
1987 වසරේදී එම ගිවිසුමට අත්සන් තැබුවේ එවකට ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් සහ සෝවියට් දේශයේ නායක මිහායිල් ගොර්බචොෆ් විසින්.
අදාළ ගිවිසුම මගින් කිලෝමීටර් 5500 දක්වා දුරකට එල්ල කළ හැකි මිසයිල අත්හදා බැලීම සහ නිෂ්පාදනයෙන් වැළකී සිටීමට රුසියාව සහ ඇමරිකාව එකඟ වී තිබුණා.