Gossips

ඇමරිකාව – රුසියානු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වීමට සැරසේ

රුසියාව සමඟ 1987 වසරේ අත්සන් තැබුණු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ අදාළ ගිවිසුම රුසියාව කිහිප විටක්ම උල්ලංඝනය කර ඇති බවයි.
අයි.එන්.එෆ්. හෙවත් අතරමැදි කලාපයේ න්‍යෂ්ටික බලකායන් ලෙස නම් කෙරුණු මෙම ගිවිසුම යටතේ කිලෝමීටර් 500 ත්, 5,500 ත් අතර මධ්‍යම දුර ප්‍රමාණයේ ගොඩබිම මිසයිල අත්හදා බැලීම් තහනම් වනවා.
ගිවිසුම තුළින් ඇමරිකානු යුද ශක්තිය හීන වන බව පැවසූ ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එමඟින් රුසියාවට හදිසි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ලැබෙන බවයි.