Gossips

ඇමරිකාව පුරා ට්‍රම්ප් විරෝධී රැළි

ජනපති ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා රැළි රැසක් ඊයේ සංවිධාන කර තිබූ අතර, ඊට දස දහස් සංඛ්‍යාත ජනතාව එක්වුණා.
විශේෂයෙන් මෙක්සිකෝ දේශසීමාවේදී සංක්‍රමණික ළමයින් 2,000 කට වැඩි පිරිසක් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කිරීම පිළිබඳවයි එහිදී විරෝධය පළ වුණේ.
ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අයිස් හෙවත් සංක්‍රමණික සහ රේගු බලාත්මක ඒජන්සිය විසුරුවා හරින ලෙසද ඔවුන් හඩ නැගුවා.