Gossips

ඇමරිකාව, පාකිස්ථාන හමුදා පුහුණුව නවතයි

පාකිස්ථානය වෙත ලබාදෙන වාර්ෂික මූල්‍යාධාරය ඩොලර් බිලියනයේ සිට මිලියන 150 දක්වා කපා හැරීමෙන් පසු ඇමරිකාව, පාකිස්ථාන යුද පුහුණුවද නතර කර තිබෙනවා.
පාකිස්ථාන හමුදා සාමාජිකයන්ට ඇමරිකානු ආයතනවල පුහුණුව ලබාදීම සඳහා මූල්‍යාධාර වෙන් කළ නොහැකි බවයි ට්‍රම්ප් පරිපාලනය දැනුම් දී ඇත්තේ.
පාකිස්ථානය ත්‍රස්තවාදීන්ගේ ක්‍ෂේම භූමියක් බවට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ඇමරිකාව සහ පාකිස්ථානය අතර සබඳතා බෙහෙවින් දුර්වල වුණා.
මේ අතර සිය හමුදා සාමාජිකයන්ට රුසියානු ආරක්ෂක මධ්‍යස්ථානවල පුහුණුව ලබාදීම සඳහා පාකිස්ථානය, රුසියාව සමඟ පසුගිය අඟහරුවාදා ගිවිසුමකට එළඹුණා.
ඇමරිකාව පාකිස්ථානයෙන් ඈත්වීමත් සමඟ ඔවුන් රුසියාව සහ චීනය වෙත වඩාත් සමීපවෙමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.