Gossips

ඇමරිකාව, පාකිස්ථානය මිතුරු රටවල් ලැයිස්තුවෙන් කපා හැරීමට සැරසේ

පාකිස්ථානය, නේටෝ සංවිධානයෙන් පිටත ඇමරිකාවේ මුල් පෙළේ මිතුරු රටක් ලෙස තවදුරටත් හැඳින්විය නොහැකි බවට එක්සත් ජනපද කොංග්‍රසය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
රිපබ්ලිකන් කොංග්‍රස් සභිකයෙකු විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ පාකිස්ථානය අදාළ මිතුරු රටවල ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසයි.
එම තත්ත්වය නැවත ලබාදීමට නම් හක්කානි ත්‍රස්ත ජාලය පාකිස්ථානය තුළ ක්‍රියාත්මකවීම වැළැක්වීමට පියවර ගත යුතු බවයි ඇන්ඩි බ්‍රිග්ස් නැමති එම කොංග්‍රස් සභිකයා පෙන්වා දෙන්නේ.
ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන දේශසීමාවේ ක්‍රියාත්මක හක්කානි ත්‍රස්්ත ජාලය කලාපයටම තර්ජනයක් බව ඇමරිකාවේ අදහසයි.