ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ඇමරිකාව, පාකිස්ථානයට ලබාදෙන ඩොලර් මිලියන 300 ක යුද ආධාර අත්හිටුවා තිබෙනවා.
ඇමරිකාවෙන් ඩොලර් බිලියන ගණන් ආධාර ලබාගනිමින් පාකිස්ථානය රැවටීමක් සිදුකරන බවට ජනපති ට්‍රම්ප් මීට පෙර චෝදනා කළා.
පෙන්ටගනයේ ප්‍රකාශකයා සඳහන් කළේ පාකිස්ථානයෙන් කපා හැරෙන යුද ආධාර ප්‍රමුඛ අවශ්‍යතා සඳහා වැය කිරීමට කටයුතු කරන බවයි.