Gossips

ඇමරිකාව නැවතත් මිනිසුන් උඩු ගුවනට යැවීමට සැරසේ

2011 වසරේ ස්පේස් ෂටල් වැඩසටහන විශ්‍රාම ගැන්වීමෙන් පසු නැවතත් උඩුගුවනට මිනිසුන් යැවිය හැකි යානයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකාව දරණ ප්‍රයත්නය අද නව අදියරයකට පිවිසෙනවා.
ඒ සඳහා කටයුතු කරන්නේ ස්පේස් එක්ස් නැමති පෞද්ගලික අභ්‍යවකාශ සමාගමයි.
ඒ සඳහා ඔවුන් අද නව රොකට්ටුවක් සහ අභ්‍යවකාශ යානයක් අත්හදාබලනු ලබනවා.
එය සිදුකරනු ලබන්නේ සඳ වෙත ඇපලෝ යානා උඩු ගුවන් ගත කළ ස්ථානයේ සිට වීම විශේෂත්වයක්.
එම අත්හදාබැලීම සාර්ථක වුවහොත් එමඟින් මිනිසුන් උඩු ගුවනට ගෙනයාම සඳහා අනුමැතිය හිමිවනු ඇති.
දැනට අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් රැගෙන යනු ලබන්නේ රුසියානු සෝයුස් යානා මගින් පමණයි.