Gossips

ඇමරිකාව න්‍යෂ්ටික අවි බලය තර කිරීමට සැරසේ

රුසියාව සමඟ පැවති න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකාවේ න්‍යෂ්ටික අවි බලය තර කිරීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සිය න්‍යෂ්ටික බලය හීන වීම රුසියාවේ සහ චීනයේ තර්ජනවලට ඇමරිකාව ගොදුරු කිරීමක් බවයි.
කෙසේ නමුත්, න්‍යෂ්ටික අවි පිළිබඳ ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය රුසියාවේ දැඩි විවේචනයට ලක්වුණා.
ඇමරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මේ වන විට රුසියාවේ සංචාරයක නිරත වන අතර, ඔහු අද ජනපති පුටින් හමුවීමට ද නියමිතයි.
එහිදී මේ පිළිබදව සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.