Gossips

ඇමරිකාව, තුර්කිය සමඟ වෙළඳ යුද්ධයක

තුර්කියෙන් ආනයනය කරන ලෝහ වර්ග සඳහා පැනවුණු තීරු බදු ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් දෙගුණ කිරීම නිසා ‘තුර්කි ලීරා විනිමය’ කඩා වැටීමට ලක්ව තිබෙනවා.
තුර්කි ඇලුමිනියම් සඳහා සියයට 20ක බද්දක් ද වානේ සඳහා සියයට 50ක බද්දක් ද පනවන බව ජනපති ‘ට්‍රම්ප් ’ ප්‍රකාශ කළේ සුපුරුදු ලෙස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.
ඒ අනුව තුර්කියේ ‘ලීරා’ විනිමයේ අගය පැය 24ක් තුළ සියයට 20කින් පහත වැටුණා.
මෙය ඇමරිකානු වෙළඳ යුද්ධයේ නවතම පියවර ලෙසයි සැලකෙන්නේ.
තුර්කිය රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීමට සැරසීම ‘ට්‍රම්ප්’ පරිපාලනය තුර්කිය සමඟ උරණ වීමට එක් හේතුවක්.