Gossips

ඇමරිකාව, තුර්කියට අනතුරු අඟවයි

තුර්කිය විසින් සෝවියට් රුසියාවෙන් මිලදී ගැනීමට සැළසුම් කර ඇති මිසයිල පද්ධතිය සම්බන්ධයෙන් ඇමරිකාව අනතුරු අඟවා තිබෙනවා.
මෙම මිසයිල් පද්ධතිය මගින් ඇමරිකානු ජෙට් යානාවල ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන බවට අනුමාන කිරීම මීට හේතුවයි.
ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු එස්. 400 නැමති ගුවන් යානා නාශක මිසයිල නාශක පද්ධතිය මිලදීගන්නේනම් තුර්කියට තවදුරටත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරන්නේද යන්න සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි.