Gossips

ඇමරිකාව ජලයේ අඩංගු විෂ රසායන වලට වැට බැඳීමට යයි

පානීය ජලයේ අඩංගු විෂ රසායන වර්ග සීමා කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.
එරට පරිසර ආරක්ෂක නියෝජිත ආයතනය සඳහන් කළේ අක්මාවට සහ තයිරොයිඩ් ග්‍රන්ථිවලට හානිදායක පිළිකා රෝග කාරක අම්ල රැසක් දැනට පානීය ජලයෙහි අඩංගු වන බවට පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි.
එමෙන්ම, ඇමරිකාව පුරා පවතින ජලනල පද්ධති විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා.