Gossips

ඇමරිකාව ජගත් මහ මණ්ඩලයේදී, ඉරානය විවේචනය කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ 73 වන මහ මණ්ඩල සැසිය අමතමින් ඉරානය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා.
මැද පෙරදිග තුළ ව්‍යාකූලත්වයක් සහ විනාශයක් ඇති කිරීමට ඉරානය කටයුතු කරමින් ඇති බවටයි ඔහු චෝදනා කළේ.
ඇමරිකාවෙන් ආධාර ලබා ගන්නා රටවලට හදවතින්ම එම සහයෝගය ලබාදෙන බව ද ට්‍රම්ප් මෙහිදී කියා සිටියා.
කෙසේ වෙතත්, ඇමරිකාවට ගරුත්වය දක්වන සහ මිතුරු රාජ්‍යයන්ට පමණක් අදාළ විදේශීය ආධාර ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු මහා මණ්ඩල සැසියේදී තවදුරටත් ප්‍රකාශ කළේ.