Gossips

ඇමරිකාව චීනයට අනතුරු අඟවයි

දකුණු චීන මුහුදේ හමුදාකරණය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිඵල සඳහා හේතුවිය හැකි බවට ඇමරිකා එක්සත් ජනපදය, චීනයට අනතුරු අඟවනවා.
ඇමරිකානු ප්‍රවෘත්ති සේවාවක් මීට පෙර සඳහන් කළේ චීනය විසින් දකුණු චීන මුහුදේ මතභේදකාරී දිවයින් පෙළ අසල නෞකා නාශක මිසයිල සහ ගොඩබිම සිට ගුවනට එල්ල කළ හැකි මිසයිල ස්ථාපිත කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් සිදුකළ ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් කියා සිටියේ දකුණු චීන මුහුදේ චීන හමුදාකරණය පිළිබඳව එක්සත් ජනපද රජය දැනුවත්ව සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් චීනය වෙතින් ඍජුව ප්‍රශ්න කරන බවද ඇය සඳහන් කළා.
දකුණු චීන මුහුදේ කුඩා දිවයින්වලට වියට්නාමය, පිලිපීනය ඇතුළු රටවල් රැසක් හිමිකම් කියනවා.
එහෙත් එම දිවයින් ආසන්නයේ කෘතිම දිවයිනක් ඉදිකළ චීනය මෙලෙස මිසයිල ස්ථාපිත කර ඇති බව සඳහන්.