Gossips

ඇමරිකාව උතුරු කොරියාවෙන් වාර්තාවක් ඉල්ලයි

සාකච්ජාවලට පෙර උතුරු කොරියාව තමන් සතු න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් වාර්තාවක් ඇමරිකාවට ලබාදිය යුතු බව ඇමරිකානු නියෝජිත ස්ටීවන් බියුගන් දැනුම් දී තිබෙනවා.
ඇමරිකානු සහ උතුරු කොරියානු නායක දෙපළ අතර දෙවන වටයේ සාකච්ජා මේ මස 27 සහ 28 දෙදින තුල වියට්නාමයේදී පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන බවට උතුරු කොරියාව පොරොන්දුවක් ලබා දී ඇති බවයි ඇමරිකානු නියෝජිතයා සඳහන් කළේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය ඔක්තොම්බර් මාසයේදී උතුරු කොරියාවේ කළ සංචාරයේදී ඔවුන් මෙම පොරොන්දුව ලබා දී තිබෙනවා.