Gossips

ඇමරිකාවේ හෙද සේවයට පළමු ශ්‍රී ලාංකිය නිලධාරිනිය පිටව යයි

ඇමරිකාවේ හෙද සේවය සඳහා ශ්‍රී ලාංකික හෙද හෙදියන් යොමුකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව පළමු හෙද නිලධාරිනිය පෙරේදා ඇමරිකාව බලා පිටත්ව ගිය අතර, තවත් 25 දෙනෙකු ඇමරිකාව බලා පිටත්ව යාමට පුහුණුව ලබමින් සිටිනවා.
හෙදියක වශයෙන් වසර 2 ක පළපුරුද්දක් ලබා ඇති වයස අවුරුදු 45 ට අඩු පිරිස්වලට මේ සඳහා අවස්ථාව ලබාගත හැකියි.
ඇමරිකා එක්සත් ජනපදයේ හෙද සේවය සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකානු ඩොලර් 5,000 ක මූලික වැටුපක් හිමිවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ.