Gossips

ඇමරිකාවේ සුළි කුණාටුවකින් ජීවිත හානි

ඊසානදිග ඇමරිකා එක්සත් ජනපදයට හැමූ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එහි ජල ගැලීම් මෙන්ම විදුලි ඇණහිටීම් ද වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
හිම සමඟ වැසි ඇද හැලෙන අතර, පැයට කිලෝමීටර් 80කට අධික වේගයකින් සුළං ප්‍රවාහයක් ඊසානදිග කලාපය හරහා හැමූ බව ඇමරිකානු කාලගුණ විද්‍යා අංශ කියා සිටියා.
බොස්ටන් ඇතුළු වෙරළාසන්න ප්‍රදේශවල උස් රළ දක්නට ලැබෙන අතර, මුහුදු ජලය වීථිවලට පැතිරී තිබෙන අයුරු ඇමරිකානු මාධ්‍ය වාර්තා කළා.