Gossips

ඇමරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

ඇමරිකාවේ – ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
එම ප්‍රාන්තයේ යෝග පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙකු සිදුකල වෙඩි ප්‍රහාරයකින් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩි වැදී තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද තුවාල ලබා ඇති බව සදහන්.
සැකකරු හදුනාගෙන ඇති අතර මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නැහැ.