Gossips

ඇමරිකාවේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට එල්ල වූ වෙඩි පහරින් 11 ක් මරුට

ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ඊයේ එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
දරුවෙකුට නම් තැබීමේ ආගමික උත්සවයක් සඳහා රැස්ව සිටි යුදෙව් ජාතිකයන් පිරිසක් මෙලෙස මියගිය අතර, තවත් හයදෙනෙකු එහිදී තුවාල ලබා තිබෙනවා.
රොබට් බවර්ස් නැමති 46 හැවිරිදි පුද්ගලයෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඔහු යුදෙව් විරෝධියෙකු ලෙසයි සැළකෙන්නේ.
පසුව එම වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.
මෙය මෑතකාලීන ඇමරිකානු ඉතිහාසයේ වාර්තාවූ දරුණුතම යුදෙව් විරෝධී ප්‍රහාරය ලෙස සැළකිය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.