Gossips

ඇමරිකාවේ මිලියන 2ක් ආරක්ෂිත ස්ථානවලට

ෆ්ලොරන්ස් සුළි කුණාටුව ඇමරිකාවට ආසන්නවීමත් සමඟ නැගෙනහිර ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මිලියන දෙකකට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.
දකුණු සහ උතුරු කැරලයින්, වර්ජිනියා යන ප්‍රාන්තවලට මෙම සුළි කුණාටුවේ බලපෑම වැඩි වශයෙන් පවතිනු ඇති බවයි එරට කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළකර ඇත්තේ.
මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 120 ක පමණ වේගයෙන් නැගෙනහිර ඇමරිකාවට කඩාවදිනු ඇති බවට මේ වනවිටත් මත පළ කර තිබෙනවා.