Gossips

ඇමරිකාවේ පුවත්පත් ආයතනයකට ප්‍රහාරයක් – 5 දෙනෙකු මරුට

ඇමරිකාවේ – මේරිලන්ඩ් ප්‍රාන්තයේ කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලයට කඩා වැදුණු තුවක්කුකරුවෙකු එල්ල කළ ප්‍රහාරයකින් 5 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ආරක්ෂක අංශ කඩිනමින් මෙම ස්ථානයට ළගා වීම නිසා ජීවිත හානි අවම කර ගැනීමට හැකිවූ බව කැපිටල් ගැසට් ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
20 හැවිරිදි සැකකරු කුමන අරමුණකින් මෙම ප්‍රහාරය එල්ල කළේ දැයි මෙතෙක් තහවුරු වී නැහැ.
එම අවස්ථාව වනවිට 170 කට වැඩි පිරිසක් අදාළ ගොඩනැගිල්ල තුළ රැඳී සිට තිබෙනවා.