ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් හෙළා දැක තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් සිසුන් 17 දෙනෙකු මියගිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එම පාසලේම ඉගෙනුම ලබමින් සිට පසුව පාසලෙන් ඉවත් කෙරුණු 19 හැවිරිදි සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව ෆ්ලොරිඩා පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තා.
