ඇමරිකාවේ ටෙක්සාස් නුවර සැන්ටා – ෆේ උසස් පාසලේ සිසුන් ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් දස දෙනෙකුට තුවාල සිදුකරමින් වෙඩි තැබූ 17 හැවිරිදි සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසලේ කලා පන්තියට පැමිණ ඊයේ (18) ඔහු මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ සිය පියා නීත්‍යානුකූලව ලබා ගත් ගිනි අවි දෙකක් උපයෝගී කර ගනිමින්.
මෙම වෙඩි තැබීම ඔහු සැලසුම් කළ ආකාරය සිසුවාගේ පරිඝනකයේ, දිනපොතේ සහ ජංගම දුරකථනවල සටහන්ව තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු සැලසුම් කර ඇත්තේ මෙම වෙඩි තැබීමෙන් අනතුරුව තමා ද වෙඩි තබාගෙන දිවි හානි කර ගැනීමටයි.
කෙසේ නමුත්, දිවි නසා ගැනීමට මානසික ශක්තියක් නොවූ බැවින් ඔහු පොලීසියට භාර වූ බව ටෙක්සාස් ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
අදාල සිදුවීම විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ අයුරු පහතින්.
