Gossips

ඇමරිකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මධ්‍යම බන්ධනාගාරවලට

ට්‍රම්ප් පරිපාලනය යටතේ සංක්‍රමණික නීති දැඩි කිරීමත් සමග අත්අඩංගුවට ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 1600 දෙනෙකු පමණ එරට මධ්‍යම අධිකරණ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සංක්‍රමණික මධ්‍යස්ථානවල ඒ සදහා ඉඩකඩ නොමැති වීම හේතුවෙන්.
ඒ අනුව, නීතිවිරෝධී සංක්‍රමණික රැදවියන් දහසක් පමණ කැලිෆෝනියාවේ බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියමිතයි.
කෙසේ නමුත්, දරුණු අපරාධකරුවන් රදවා සිටින මධ්‍යම බන්ධනාගාර වෙත සංක්‍රමණිකයන් යොමු කිරීම පිළිබදව ඇමරිකානු ජාතික සංක්‍රමණික සංසදයේ විධායක අධ්‍යක්ෂ අලී නූරානි විරෝධය පළ කළා.