ඇමරිකාවේ නීතිපතිවරයා ධුරයෙන් පහකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනාව මත ඇමරිකාවේ නීතිපති ජෙෆ් සෙසන්ස් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙලෙස ඉවත් කර ඇති බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී රුසියාව සිදුකළ මැදිහත්වීම පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස ඉටු නොකිරීම මොහුට එරෙහිව එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවයි.
