Gossips

ඇමරිකාවේ තාරා බෝට්ටුවක් පෙරලී 11 ක් මරුට

ඇමරිකාවේ – මිසූරි ප්‍රාන්තයේ විලක සංචාරකයන් රැගත් ගොඩදිය දෙකෙහිම යා හැකි තාරා බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ මෙම අනතුර සිදුව ඇත්තේ අයහපත් කාලගුණයක් පවතින අවස්ථාවකයි.
තවත් 5 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, මුදා ගත් 7 දෙනෙකු රෝහල් ගත කළ බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඇමරිකානු වේලාවෙන් ඊයේ රාත්‍රියේ 7ට එනම්, ශ්‍රී ලංකා වේලාවෙන් අද අලූයම 5 යි 30ට මෙම අනතුර සිදුව තිබෙනවා.