Gossips

ඇමරිකාවේ ගුරුවරුන් වර්ජනයක

ඇමරිකා එක්සත් ජනපදයේ දෙවැනි විශාලතම අධ්‍යාපන කලාපය වන ලොස් ඇන්ජලීස් හි ගුරුවරුන් වැඩි වැටුප් සහ පහසුකම් ඉල්ලා දැවැන්ත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වසර 30කින් එහි ක්‍රියාත්මක වන ප්‍රථම ගුරු වර්ජනය වන මේ සඳහා රජයේ පාසල්වල 30,000ක් පමණ ගුරුවර, ගුරුවරියන් එක්ව සිටින අතර, එය ළමුන් පන්ලක්ෂයකට පමණ බලපාන බව සඳහන්.
ලොස් ඇන්ජලීස් ගුරු වර්ජනය පිළිබඳ නිරීක්ෂණයෙන් පසුවන අතර තමන් ද එවැනි වර්ජනයක් ආරම්භ කිරීම පිළිබදව සාකච්ඡා කරමින් සිටින බව ඇමරිකාව පුරා ගුරු සංගම් ප්‍රකාශ කර තිබෙනවා.