ඇමරිකාවේ බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. 
අවම වශයේ ගොඩනැගිලි සහ නිවාස 39 ක් මෙලෙස ගිනි ගැනීමට ලක්වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. 
ගිනි ගැනීම් සමග පිපිරීම් ද වාර්තා වී තිබෙනවා. 
මේ හේතුවෙන් එම ප්‍රදේශ වෙත ගෑස් සහ විදුලිය සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇති බව සදහන්. 
ගෑස් පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් රැසක් රෝහල් ගත කිරීමට සිදුවූ බව ද වාර්තා වුණා.



