Gossips

ඇමරිකාවේ ඕනෑම පියවරකට සූදානම් බව ඉරානය කියයි

ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වුවද, එසේ නොවුවද, ඕනෑම පියවරකට තමන් සූදානම් බව ඉරාන ජනාධිපති හසාන් රව්හානි පවසනවා.
න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකාවේ ඕනෑම තීරණයකට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සුදානම් බවත් ඔහු රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළා.
යම් හෙයකින් ඇමරිකාව ගිවිසුමෙන් ඉවත් වුවහොත් එය ඔවුන්ට ඓතිහාසික වශයෙන් පසුතැවීමට සිදුවන තීරණයක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
සම්බාධක ඉවත් කිරීම වෙනුවෙන් සිය න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවීමට ඉරානය ඇමරිකාව ඇතුලූ පංච මහා බලවතුන් සහ ජර්මනිය සමඟ ගිවිසුමකට එළඹුණේ 2015 වසරේදියි.